සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් වටලයි.

0
781
- Advertisement -

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම්වල 2019ග03ග31 වන දින සිදුකල විශේෂ වැටලීමකදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස හා නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 23 ක් වටලා ගණිකා වෘත්තියේ නියැලි කාන්තාවන් 47 ක් හා එම ආයතන කළමණාකරණය කල පුද්ගලයින් 11 ක් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් හා කාන්තාවන් හෙට දිනයේ අදාල පොලිස් ස්ථානයන් මගින් අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම කාන්තාවන් වයස අවු 18-40 අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අයවලුන් වේ.