සම්පායෝ; රහස් වමාරන්න ඇමතිතුමිය හමුවීමට අවස්ථාවක් ඉල්ලයි.

0
190
- Advertisement -
Share

සම්පායෝ; රහස් වමාරන්න
ඇමතිතුමිය හමුවීමට අවස්ථාවක් ඉල්ලයි.

දුම්බර බන්ධනාගාරයේ රිමාන්ඞ් භාරයේ සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හමුවීම සදහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්, අමාත්‍යවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

බන්ධනාගාර කොමසාරිස්, තුෂාර උපුල්දෙණිය මහතා හරහා, මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

තමන්ට සිදුව තිබෙන අසාධාරණය පිළිබදව කරුණු හෙළිකිරීම සදහා, සම්පායෝ මෙම ඉල්ලීම ඇමතිවරියගෙන් ඉල්ලා තිබේ.

හමුවීමට අවස්ථාවක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යවරිය, කියන්නට යමක් තිබේනම්. එය අධිකරණය හමුවේ කියන ලෙසද පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 18 =