“සමහරු මුහුණු ආවරණ නොදා හිටියත් ඔවුන්ට එරෙහිව කළ හැකි කිසිවක් නෑ..!”

0
109
- Advertisement -
Share

සමහරු මුහුණු ආවරණ නොදා හිටියත්
ඔවුන්ට එරෙහිව කළ හැකි කිසිවක් නෑ..!

පී.එච්.අයි. සභාපති උපුල් රෝහණ

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් හදුන්වා දී තිබෙන මාර්ගෝපදේශ නොතකා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශයන් සදහා නීතිමය බලයක් හිමි ව නැති බැවින් මේ තත්ත්වය උදා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැති බව, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා, ද මෝර්නිං පුවත්පත සමග පවසා ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය නිර්දේශ අනුව, මහජන අවකාශය තූළ සෑම පුරවැසියෙකුම මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇතත්, එම නිර්දේශය නොතකා හරින පිරිස් ඕනෑ තරම් සිටිති. නමුත්, ඔවුන්ට එරෙහිව කිසිවක් කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නැත.

ඒ නමුත්, ස්වයං නිරෝධායනයට යොමු කර සිටින හෝ නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු කරන බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =