සමහරු ඕලෙවල්වත් පාස් නෑ..! පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කරන්න ජනාධිපති පත් කළ කමිටුවට කාදිනල්ගේ දැඩි විරෝධය..!

0
845
- Advertisement -

සමහරු ඕලෙවල්වත් පාස් නෑ..!
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කරන්න
ජනාධිපති පත් කළ කමිටුවට කාදිනල්ගේ දැඩි විරෝධය..!

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය සදහා පත් කරන ලද ජනාධිපති කොමිසම, ඔවුන්ගේ අවසන් වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණි.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියද රජය විපක්ෂයේ එම ඉල්ලීම මග හරිමින් සිටින බව පෙනී යයි.

එමෙන්ම, අදාල වාර්තාව මගින් ලබා දී තිබෙන නිර්දේශ ජනගත කරන ලෙස මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ ද ඉල්ලා තිබුණි.

මෙම වාර්තාව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද, එය ද මෙතෙක් සිදු වී නැත.

එවැනි තත්ත්වයක දී, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය සදහා පත් කර ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට ලබා දුන් අවසන් වාර්තාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළේ ය.

එම කමිටුව, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් සමන්විතය.

ජනාධිපතිවරයා පත් කළ මෙම විශේෂ කමිටුව,අද දිනයේ දී කාදිනල් හිමිපාණන්ගේ විවේචනයට ලක් විය.

උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරු විසින් සකසන ලද වාර්තාවක් විමර්ෂණය කිරීම සදහා සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක් පත් කිරීම නුසුදුසු බවයි කාදිනල් හිමියෝ පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =