සබීතා නැවත වරක් පොලු තියයි

0
982
- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (01) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු සිනමා නිළි සබීතා පෙරේරා මහත්මිය එහි පැමිණ නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව අගෝස්තු 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට නැවත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඇය මෙසේ කොමිසම මඟහැර ඇත්තේ දෙවන වතාවටයි. මීට පෙර ජුලි 17 වනදා ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණ ද ඇය එදිනත් පැමිණ තිබුණේ නැහැ.

අදාළ ගොඩනැඟිල්ල රුපියල් මිලියන 21ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීම්දී ගොඩනැඟිල්ලේ හිමිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයකු වශයෙන් ඒ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට කොමිසම තීරණය කර තිබුණා.