සන්නිවේදන උපකරණ රැසක් මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට

0
954
- Advertisement -

නීති විරෝධීව IDD දුරකථන ඇමතුම් ලබාගත් චීන ජාතිකයෙකු ඇතුළු තුන්දෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත අද අලුයම අංක 17 සිල්වෙස්ටර් පාර ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

එහි තිබී අති නවීන ජංගම දුරකථන 402, සිම්පත් 17400 ක්, රවුටර් 60ක් ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඇති බව මූලික පරික්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් මොවුන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී වංචාවන් සිදුකළ බවට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම ස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැඳවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 20 =