“සතොසෙන් ඉවත් කළේ නෑ; කැමැත්තෙන්ම ඉවත්වුණා. සතොසෙන් ඉවත් වුනත් තවමත් ලක් සතොසේ සභාපති මමයි.” නුෂාඩ් පෙරේරා කියයි.

0
242
- Advertisement -

“සතොසෙන් ඉවත් කළේ නෑ;
කැමැත්තෙන්ම ඉවත්වුණා.
සතොසෙන් ඉවත් වුනත් තවමත්
ලක් සතොසේ සභාපති මමයි.”
නුෂාඩ් පෙරේරා කියයි.


සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නුෂාඩ් පෙරේරා එම ධූරයෙන් ඉවත්කර ඇති බව ඊයේ දිනයේ දී වාර්තා විය. මුලින්ම මෙම පුවත වාර්තා කරන ලද්දේ වෙබ් අඩවි ඔස්සේ වන අතර, අද දිවයින පුවත්පතේ මුල් පුවත ලෙස සටහන්ව ඇත්තේද සතොස සභාපතිවරයා ඉවත් කළ බවට වූ ප‍්‍රවෘත්තියයි.


පසුගිය අයවැය විවාදයේ දී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, සතොස සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළේ ය. ඒ, සතොස සභාපතිවරයා, ඔහුගේ ගජ මිතුරෙකුට අයතා වාසි ලබා ගැනීම සදහා සතොස සතු මහජන මුදල් අයතා ලෙස භාවිතා කරන ලද බවට චෝදනා කරමිනි.

කෙසේ වෙතත්, තමන් සතොස සභාපති ධූරයෙන් ඉවත්කරන ලද බවට වූ චෝදනාව සම්බන්ධයෙන් සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පැහැදිලි කිරීමක් දක්වා තිබේ. ඒ අනුව, ඔහු පසුගිය නොවැම්බර් මාසයේ දී සතොස සභාපති ධූරයෙන් ස්ව කැමැත්තෙන්ම ඉල්ලා අස්වී ඇති අතර, සතොස වෙළද සල් ජාලය අයත් ”ලක් සතොස” ආයතනයේ සභාපතිවරයා ලෙස තව දුරටත් කටයුතු කරමින් සිටියි.

දිවයින පුවත්පත, මුල් පුවතින් වාර්තා කර ඇති ආකාරයට, සතොස වෙළද සැල් ජාලයට අයත් ලක් සතොසෙන් ද ඉවත් වන ලෙස මේ වන විටත් නුෂාඞ් පෙරේරාට නියෝග කර තිබේ.