“සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමිය හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම ඔබට යළිත් සිහිපත් කරමි.” ෆීල්ඩ් මාර්ෂල් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කියයි.

0
763
- Advertisement -

“සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමිය හරහා ගමන් කිරීම අනතුරුදායක බව
මම ඔබට යළිත් සිහිපත් කරමි.” ෆීල්ඩ් මාර්ෂල් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කියයි.


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විශේෂ සටහනක් සිය නිල ෆේස් බුක් පිටුවේ තබා තිබේ.
එක්ව ඊලාම් සටන මෙහෙය වූ සමයේ දී සටන් බිමේ ඔවුන් මුහුණ දුන් අත්දැකීමක් ද සිහිපත් කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිතුමන් වෙත කිසියම් පණිවිඩයක් ලබා දීමට උත්සාහකරන බවක් එම ෆේස් බුක් සටහනෙන් පෙනේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය නිල ෆේස් බුක් පිටුවේ තබා ඇති එම සටහන, අපි පහත සම්පූර්ණයෙන් ම උපුටා දක්වමු.

“සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි.”

1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණියයි.

අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාවම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ.

බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත. ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්ණ හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසයි.

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –