සති දෙකකින් ව්‍යවස්ථා සංශෝධනයක්. ස්වාධීන කොමිෂන් සභා දිගටම ස්වාධීනයි. ජනාධිපති දූර කාලය වාර දෙකයි. අළුතින් උප ජනාධිපති දූරයක් හදුන්වා දෙයි.

0
294
- Advertisement -
Share

සති දෙකකින් ව්‍යවස්ථා සංශෝධනයක්.
ස්වාධීන කොමිෂන් සභා දිගටම ස්වාධීනයි.
ජනාධිපති දූර කාලය වාර දෙකයි.
අළුතින් උප ජනාධිපති දූරයක් හදුන්වා දෙයි.

ඉදිරි සති දෙක ඇතුළත, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අළුත් සංශෝධනය යටතේ, 19 වන සංශෝධනයේ ඇතැම් විධි විධාන ඒ ලෙසම පවතිනු ඇති බවද ව පැවසේ. විශේෂයෙන්ම, ස්වාධීන කොමිෂන් සභා ඉදිරියටත් ඒ ලෙසම පවත්වාගෙන යෑමට නව රජය අදහස් කරන බවත්, ඊට අමතරව, ජනාධිපතිවරයාට සිය ධූරය වාර දෙකකට වඩා දැරිය නොහැක යන සීමාවද ඒ ලෙසම පවතිනු ඇති බවටත් විශ්වාස කරයි.

ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, තුනෙන් දෙකක බලයක් පවතින නිසා, මෙම සංශෝධනය ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කර, සම්මත කර ගනු ඇති බව පුවත්පත වාර්තා කරයි. මෙම සංශෝධනය යටතේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංධානයේ ප්‍රධාන පක්ෂයක් වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, මෛත්‍රීපාල සිරිසේන මහතාට ද විශේෂ තනතුරක් හිමි වීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය නම් කිරීමේ දී, මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍ය දූරයක් ලබා නොදුන්නේ ඒ නිසා බවද පැවසේ.

ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ දී වාර්තා කර තිබුණේ, අළුත් ව්‍යවස්ථා සංශෝධනය යටතේ උප ජනාධිපති ධූරයක් ස්ථාපිත කර, එම තනතුර මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමේ සූදානමක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 3 =