සතියක් තුළ දී
රැදවියන් තිදෙනෙක් සියදිවි නසාගනිති.
බන්ධනාගාර තුළට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන ඒම වළක්වා ඇති බැවින්, දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී බන්ධනාගාරගතව සිටි රැදවියන් තුන් දෙනෙකු පසුගිය සතිය තුළ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරන ආකාරයට, සියදිවිනසාගෙන තිබෙන රැදවියන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය තුළ සිටි අයවලුන් ය. සියදිවි නසාගෙන ඇති අනෙක් රැදවියා, මීගමුව බන්ධනාගාරයේ සිටි අයෙකි.