සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
අධ්යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වේ.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.
ඇයට එරෙහිව, සත්වෝද්‍යාන සේවකයන් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.
ඇය අකාර්යක්ෂම නිළධාරිනියක් බව සේවකයන් විසින් චෝදනා කර තිබුණු අතර, තමන්ට චෝදනා එල්ල කරන්නේ විවිධ වංචාවන්ට සම්බන්ධ පිරිස් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ෂර්මිලා රාජපක්ෂ විසින් චෝදනා කර තිබුණි.
එම පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස ද ඇය විසින් ඉල්ලා ඇති බව වාර්තා වේ.