සජින් වාස් ඇප මත නිදහස් කරයි.

0
661
- Advertisement -

මන්ත්‍රිවරයකු ලෙස සේවය කළ කාලසීමාව තුළ නීතිවිරෝධී විදිහට රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අධි චෝදනා පත්‍ර භාර දිමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කර සිටියා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍රය හිටපු මන්ත්‍රීවරයාට භාර දෙනු ලැබුවා, ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදියි.

අනතුරුව සජින් වාස් හිටපු මන්ත්‍රීවරයා හට රුපියල් ලක්ෂ ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කටයුතු කළ අතර විනිසුරුවරයා විසින් විත්තිකරුගේ ඇගිලි සළකුණු ලබා ගන්නා බවටද නියෝග කරනු ලැබුවා.

විදේශ ගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බව දන්වා සිටි අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව මහාධිකරණ විනිසුරුවයා නියෝග කර සිටියා.

නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවන බවයි මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =