සජිත් හිතවා දී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශකගෙන් සී.අයි.ඩි ය පැය අටක් ප‍්‍රශ්න කරයි.

0
1937
- Advertisement -

ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක් වූ ද ලීඩර් වෙබ් අඩවියේ, ප‍්‍රවෘත්ති ප‍්‍රකාශකයා වූ සංජය දනුෂ්ක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මේ බව සදහන් කරමින්, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ටවීටර් පණිවිඩයක් ද තබා තිබේ.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රශ්න කිරීමට ලක් වූ සංජය දනුෂ්ක මහතා ජනප‍්‍රිය ගුවන් විදුලි නාලිකා කිහිපයක ම නිවේදකයෙකු ලෙස වැඩ කර ඇති අතර, ඔහු වෘත්තියෙන් නීතීඥයෙකි.

වර්තමාන ආණ්ඩුව දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කිරීම අරඹා ඇති බව පවසන මංගල සමරවීර මහතා, මෙහි මීළග ගොදුර බවට ඔහුගේ පුද්ගලික මාධ්‍ය ලේකම් රුවන් ෆර්ඩිනන්ඞ් මහතා පත් වීමේ ඉඩක් ඇති බව ද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + seven =