සජිත් සහ චම්පික හමුවේ.

0
1040
- Advertisement -
Share

පසුගිය දොළොස්වන දා, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් සිදුව ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.

මෙම හමුවේදී, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ගොඩ නගන සංධානය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරගවදින අපේක්ෂකයා නම් කළ යුත්තේ, අදාල සන්ධානය ගොඩ නැගීමෙන් පසුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට ප‍්‍රකාශ කර තිබේ. තමන්ගේ සහාය නැතිව, එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා තනිව තරඟ වදින්නේ නම්, ඊටද තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත්, තමන් ඊට සුබ පතන බවත් චම්පික රණවක අමාත්‍යවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට පවසා ඇති බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

කෙසේ වෙතත්, එක්තස් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටළු විසදාගෙන, අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලබා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා සමත් වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් තමන්ට නැති බවද චම්පික රණවක අමාත්‍යවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 6 =