සජිත් සමග විවාදයට ගෝඨා සූදානම්..!

0
744
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙසට තැන තැන කතා නොකියා, සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එම අභියෝගය ලබාදෙනුයේ නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

ගෙවී ගිය වසර පහක කාලය තුළදී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළදී තමන්ගේ විෂයට අදාළ කරුණු හැර වෙනත් විවාදවලට සහභාගි වී නොමැති බවද එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ගෙවී ගිය වසර පහක කාලය තුළ තනි තනිවම හෝ විවාදයකට හෝ සම්මුඛ සාකච්ඡාවකට හෝ සහභාගි වී නොමැති බවද 28දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + four =