සජිත් සටන අත් නොහරී..!

0
780
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත්වන බව, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති නමුත්, ජනාධිපති දූර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ගෙන යන සටන එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අත් හැර නැති බව වාර්තා වේ.

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් අද දිනයේ එජාප පලාත් පාලන නියෝජිතයන් කොළඹට කැදවා තිබුණු අතර, සැලසුම් කර තිබූ පරිදිම එම රැුස්වීම අද සවස 01 ට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම හමුව, ජන රැළියක ස්වරූපයෙන් පැවැත්වෙන්නක් වන අතර, එජාප නියෝජ්‍ය නායකවරයා මෙහිදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් බව මාධ්‍ය වාර්තා පළ වේ.

එමෙන්ම සජිත් පාර්ශ්වයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ද, අද දහවල් 12 ට, කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ මාධ්‍ය හමුවක් කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + thirteen =