සජිත්; ශ‍්‍රීලනිපය එක් කර ගැනීමේ උත්සාහයක.

0
703
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

මේ අනුව, අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ද අවසරය මත, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡුාවක් සදහා වූ ආරාධනා ලිපියක්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කර තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡුා තව දුරටත් ඉදිරියට ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

දෙපාර්ශ්වයම කැමතිවන පොදු ලකුණක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වැදීම පිළිබදව මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාව පොහොට්ටු පක්ෂයේ ප‍්‍රබල රාජපක්ෂවරු තිදෙනා විසින් ඊයේ දිනයේ දී නැවත වතාවක් ප‍්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − two =