සජිත්; මාතරින් කුරුණෑගලට…!

0
688
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩ නගන පෙරමුණකින් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවට බලකරන රැළි මාලාවේ තුන්වැනි රැළිය, සැප්තැම්බර් මාසයේ 05 වෙනිදා කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බදුල්ලේ රැළිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කළ අතර, මාතර රැළිය සංවිධානය කර තිබුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. කුරුණෑගල රැළිය සංවිධානය කිරීමේ වගකීම නලීන් බණ්ඩාර අමාත්‍යවරයාට පැවරී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ රාත්‍රියේ රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී සජිත් පිළ නියෝජනය කරන මැති ඇමති වරු රැස් වී ඇති අතර, කුරුණෑගල රැළිය පිළිබදව තීරණය ගෙන ඇත්තේ එම හමුවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 3 =