සජිත් බදුල්ලෙන් මාතරට..!

0
870
- Advertisement -
Share

පසුගිය දොළොස්වනදා පැවති බදුල්ල රැුළියට පසුව එහි දෙවන පියවර ලෙස එළැඹෙන 23 වන දා තවත් එවැනිම දැවැන්ත රැළියක් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මාතර දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම මාතර රැුළිය සංවිධානය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමති වරු රැසක් මෙම රැුළිය සදහා සහභාගී වීමට නියමිතය.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීමේ දැවැන්ත රැුළිය සැප්තැම්බර් මාසයේ මුල ගාලූ මුවදොර පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 15 =