සජිත් පක්ෂ නායකයන් වෙන වෙනම හමු වේ.

0
1021
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණෙන්, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ වෙන වෙනම මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය මනෝගනේෂන් සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරු මුණ ගැසෙනු ඇති.

වාර්තාවන අන්දමට, මේ කිසිදු නායකයෙක්, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා නැත.