“සජිත් ආවොත් රට බෙදනවා.” අගමැති මහින්ද.

0
835
- Advertisement -
Share

සජිත් ආවොත් රට බෙදනවා.”
අගමැති මහින්ද.


සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති අතර සමානකමක් තමන් දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තෙල්දෙණියේ පැවති ජන රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට මූලිකත්වය ගත් සජිත් ප්‍රේමදාස මහතාට රට දෙකඩ කිරීම ඒ හැටි දෙයක් නොවන බවද මෙම ජනහමුවේදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.

තම පියාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීට පැමිණෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසන බවත්, එවිට 88-89 භීෂණය තමන්ට සිහිවන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

භීෂණ සමයේ දී නුවර ඇතැම් ප්‍රදේශවල – තරුණයන් සමූලඝාතනය කර තිබුණු බවත්, ඒ බිහිසුණු අතීතය මතක් කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් මෙම ජනරැළියේ දී අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eight =