සජිත් ආවොත්; ටී.එන්.ඒ සහාය අනුර කුමාරට…!

0
963
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම්, ද්‍රවිඩ ජාතික සංධානයේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය, ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමට තීරණය කර තිබෙන බව පැවසේ.

ජාතික ප්‍රශ්නය විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මේ වනතෙක් නිශ්චිත අදහසක් ඉදිරපත් නොකිරීම, ඔහුට සහාය ලබා නොදී සිටීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර සිටීමට හේතුව වී තිබේ.