සජිත් අපේක්ෂකයා වී එනතුරු මෛත‍්‍රී බලා සිටියි.

0
934
- Advertisement -
Share

එජාපයේ දැනට උද්ගතව තිබෙන අර්බුද ඉක්මනින්ම විසදාගෙන එළැඹෙන ජනාධිපතිවරණයට සජිත් පේ‍්‍රමදාස එජාප පාර්ශ්වයෙන් ස්ථිරවම ඉදිරිපත්වන බවට ප‍්‍රකාශයට පත් වන තුරු එම පාර්ශ්වය සමග එකතුවීම සඳහා සාකච්ඡුා ඇරඹීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගන්නට ලැබේ.

දැනට හේමා පේ‍්‍රමදාස මැතිණිය සහ ජනාධිපතිවරයා අතර මේ පිළිබඳව අදහස් හුවමාරු වී ඇතැයි දැනගන්නට තිබේ.

වෙම් අතර සජිත් පාර්ශ්වය වෙත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනා ගැනීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාද උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මහින්ද සමරසිංහ ප‍්‍රමුඛ කණ්ඩායමක් දැනටමත් ශ‍්‍රීලනිපයෙන් එජාපයට එකතු වීමට එකඟතාවයකට පැමිණ ඇතැයි දැනගන්නට ලැබෙන අතර, එම තත්ත්වය වළක්වා ගැනීමද මෙමගින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව දැනගන්නට ලැබේ.

අනිද්දා පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 9 =