සජිත්ලාට එරෙහිව සුමන්තිරන් තනිව උඩුගං බලා පීනයි.

0
819
- Advertisement -

විධායක ජනාධිපතිදුරය අහෝසි කිරීම සදහා පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ කඩිමුඩියේ ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය එල්ල විය. අවසානයේ සිදු වූ යේ යෝජනාව ගෙන ආ කෙනෙක් පවා නැති වීමයි. අගමැතිවරයා එය ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් කියා අත පිස දා ගැනීමට උත්සාහ කළේ ය. සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා – එබදු යෝජනාවක් මේ මොහොතේ ගෙන ඒම නින්දාසහගත බව කීවේ ය. මහින්ද රාජපක්ෂ මහතාද එම යෝජනාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබුණි. විස්සේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ කිසිවක් නොකියා සිටියේ ය.

කඩිමුඩියේ විසිවන සංශෝධනය ගෙන ඒම පිටුපස දේශපාලන අරමුණු තිබිය හැකි වුවත්, එය ඉතා හොද යෝජනාවක් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට තරම් නිර්භීත බාවයක් තිබුණේ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට පමණි.

වසර බොහෝ ගණනාවක් තිස්සේ සියළු දෙනාටම වාගේ විධායක ජනාධිපතිදුරය අහෝසි කිරීමේ උවමනාවක් තිබුණි. නමුත් මේ මොහොත ඊට සුදුසු මොහොත නොවේ කියා අදාල යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.

මන්ත‍්‍රීවරයා එම පණිවිඩයෙන් ”හොද දෙයක් කිරීමට නරක කාලය” කියා දෙයක් තිබේද කියා අසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + three =