සජිත්පිලෙන් අරලියගහ මන්දිරය වැටලීමේ සැලැස්මක්.

0
839
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එජාප පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම්, අපේක්ෂකත්වය බලහත්කාරයෙන් හෝ ලබා ගන්නා ආකාරය පිළිබදව සජිත් පාර්ශ්වයේ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර ඇති බව “අනිද්දා” පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, පසුගිය 20 වෙනිදා සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ සොහොයුරියකගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සජිත් පිළ මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඒ අනුව, සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරියේ උපවාසයක් සැලසුම් කිරීම සහ පාක්ෂිකයන් ලවා අරලියගහ මන්දිරය වැටලීම ආදී පියවර ගැන ඔවුන්ගේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ නම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති අපේක්ෂකත්වය පිරිනැමීමටද ඔවුන් එකඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 12 =