සජිත්ට සහාය දෙනවද නැද්ද..? කරූ ජයසූරිය කියයි.

0
932
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරු පසුගිය සිකුරාදා රාත්‍රියේ කතානායක කරූ ජයසූරිය මහතා මුණ ගැසී තිබේ.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සඳහා කරූ ජයසූරිය මහතාගේ සහාය ලබා ගැනීමටයි.

සජිත්ට සහාය ලබා දෙන්නැයි ඉල්ලූ අමාත්‍යවරුන්ගෙන් කතානායකතුමා; “ඇයි ඔබලා මගෙන් සහාය ඉල්ලන්නේ.? සජිත් දැනටමත් ජනාධිපති අපේක්ෂකයා ඔහු කියා නම් කරලා නේ ද තියෙන්නේ ” යැයි පෙරළා ඇසූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා නම් කරන අපේක්ෂකයාට තමන් සහාය ලබා දීමට සූදානම් බව කතානායක වරයා අදාල අමාත්‍ය වරුන් දෙදෙනාට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 9 =