සජිත්ට නායකත්වය නොදුන්නොත් මටත් තීරණයක් ගන්න වෙනවා.

0
1001
- Advertisement -

සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා නොදුනහොත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව එක්සත් ජාතික පෙරමුණ ඉදිරියට යාමට නම්, සජිත්ට පක්ෂ නායකත්වය ලබා දීම අනිවාර්යයක් බවත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඔහුගේ සමීපතමයන් සමග පවසා ඇති බව වාර්තා වේ.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට වැඩි පක්ෂපාතීත්වයක් දැක් වූ අයෙක් බව රහසක් නොවේ. එසේ නමුත්, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබීමෙන් පසුව, සරත් ෆොන්සේකා මහතා ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බව සියලූ දෙනා දනිති.