සජිත්ගේ පොරොන්දුවෙන් පසුව කාශ්‍යප හිමියෝ උපවාසය අත්හරිති.

0
33
- Advertisement -

රජය සහ ඇමරිකාව අතර අත්සන් තැබීමට නියමිත එම්.සී.සී. ගිවිසුමට සිය විරෝධය පළ කරමින්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ආරම්භ කර තිබූ උපවාසහ අත් හිටුවීමට උන්වහන්නේ තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය අවසන් වීමට පෙර, එම ගිවිසුම අත්සන් තැබීම සිදුනොවන බවට, එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලිඛිතව ලබා දුන් පොරොන්දුවට අනුවයි උන්වහන්නේ උපවාසය අත්හැර ඇත්තේ.

ඊට අමතරව, ගිවිසුම අත්සන් තබන්නේ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් බවද සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා කාශ්‍යප හිමියන්ට පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 13 =