සජිත්ගේ පැමිණීමෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් විසිර යයි.

0
817
- Advertisement -

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් කර ඇත.

ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින්.

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුවට හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව පැවසීය.

තමා රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ලොකු වැඩක් සිදු කරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීම සදහා ණය ලබා දී ඇති බවත් මෙහිදී කියා සිටියේය.

රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් රණවිරු ප‍්‍රශ්නය කරට ගනී..!

සජිත් රණවිරු ප‍්‍රශ්නය කරට ගනී..!

Posted by Headline News on Monday, September 30, 2019