සජිත්ගෙන් විශේෂ නිවේදනයක්.

0
905
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව, අනෙකුත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා බුද්ධිමතුන් එකතුව, ”ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ” නමින් නව පෙරමුණක් බිහිකිරීමට සියළු කටයුතු සූදානම් කර තිබුණද, එය කල් දැමීමට සිදු වූ හේතුව පැහැදිලි කරමින් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාල නිවේදනය පහත පළවේ.

“ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටවිය යුතු බවට මා සහ ගරු අග්‍රමාත්‍යවරයා එකඟ වූ බවට අද දින පුවත්පත් වල පළ වී තිබේ. එවැනි සන්ධානයක් පිහිටුවීමට මා සියයට සියයක් නොව සියයට ලක්ෂ වාරයක් එකඟ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරය ද දරණ ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ය. මා පෞද්ගලිකව දරණ මතය ද එයයි. එසේ කළහොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව ඊට තවත් පක්ෂ සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකතු වී එය ජයග්‍රාහී සන්ධානයක් බවට පත්වනු නොඅනුමාන ය. අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොව පළමුව ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීමයි.”

2019 – 08 – 09

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + thirteen =