සජිත්ගෙන් රනිල්ට අභියෝගයක්.

0
484
- Advertisement -

ස්ව කැමැත්තෙන් පක්ෂ නායකත්වය තමන් වෙත ලබා දීමට අකමැති නම්, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කළ යුතුව ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස් කරවා, ඡන්දයක් පැවැත්වීම බව, එජාප නියෝජ්‍ය නායක, සජිත් පේ‍්‍රමදාස මහතා, වත්මන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පවසා ඇති බව වාර්තා වේ.

පසුගිය දෙවන දා, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැුස් වූ, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේ දී ඔහු මෙම යෝජනාව රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, පක්ෂ නායකත්වය තමන්ට ලබා දීමට රනිල් වික‍්‍රමසිංහ මහතා අදිමදි කරන හේතුවක්, සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පවසා තිබේ. එනම්, පක්ෂ නායකත්වයට තමන් පත්වුවහොත් දැනට රනිල් හිතවාදීන් ලෙස සැලකෙන එජාප මන්ත‍්‍රීවරුන්ට තමන් වෙනස් කම් කරාවි යන මතයයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ, තමන් එවැනි බාල වැඩ කරන්නෙකු නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =