සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙක් මාවතගමදි කොටු වෙයි.

0
622
- Advertisement -

යතුරුපැදි සොරකම් කරපු සංවිධානාත්මක කල්ලියක පුද්ගලයින් දෙදෙනෙකු, සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුතු යතුරු පැදි 05ක් සහ ජංගම දුරකතන 09ක් සහ තවත් විදුලි උපකරන කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.

ගොකරැල්ලල මාවතගම සහ රිදීගම යන පොලිස් බලප්‍රෙද්ශවලින් මෙම යතුරුපැදි සොරාගෙන ඇති බවට පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කුරුණෑගල හා රම්බඩගල්ල යන අධිකරණ වලින් මීට පෙර වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයකු බව ද අනාවරණය වී තිබේ.

සැකකරුවන් මාරලන්ද වෙලේගෙදර පදිංචි රමිපටිපුර දේවගේ චාමික කසුන් වික්‍රමදසිංහ සහ මදුරාගොඩ දිනිමිනියා තැන්න පදිංචි වනිමුනි ආරච්චිලාගේ බන්දුල සංජීව නමැති අයවලුන් බව පොලිසිය කියයි.

නාගරික ප්‍රදේශවල නවතා තිබෙන යතුරු පැදි මොවුන් විසින් සොරා ගන්නා අතර ඒවායෙහි අගුළු කඩා ඉතා කෙටිකලක් තුළ ඒවා පැහැරගෙන යාමට සැකකරුවන් සමත් වි ඇති බව මෙතෙක් සිදු කළ මූලික පරික්ෂණ වලදී හෙලි වූ බව මාවතගම පොලිසිය සදහන් කරන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =