සංචරණ සීමා පනවා තිබෙන කාලය තුළ කොළඹට ඇතුළු වීමට අවසර තිබෙන වාහන සදහා විශේෂ ස්ටිකරයක්….!

0
231
- Advertisement -

සංචරණ සීමා පනවා තිබෙන කාලය තුළ
කොළඹට ඇතුළු වීමට අවසර තිබෙන වාහන සදහා විශේෂ ස්ටිකරයක්….!


සංචරණ සීමා පනවා තිබෙන කාලය තුළ කොළඹ නගරයට ඇතුළුවීමට අවසර ලැබෙන වාහන සදහා විශේෂ ස්ටිකරයක් හදුන්වා දීමට ශ‍්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

කොළඹට ඇතුළුවන වාහනවල මෙම ස්ටිකරය ඇලවිම හෙට දිනයේ දී සිදු කිරීමට නියමිත ය.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය නිකුත් කර තිබෙන නිවේදනය පහත දැක් වේ.

කොළඹ ……
ශ්‍රී ලංකේය ආර්ථිකයේ , පරිපාලනයේ මෙන්ම ආරක්ෂාවේත් කේන්ද්‍රය ….
මේ භයානක , නොපෙනෙන කොවිඩ් 19 වෛරසයෙන් මේ රටේ ජනජීවිතය අඩාලව රටේම සංචරණ සීමා පනවන්නට පෙර, දිනකට ලක්ෂ හයකට වඩා වාහන සැරිසරපු නගරය කොලබ …
නමුත් ….
අද වන විට මෙම කෝවිඩ් 19 වසංගතය පැතිරීම වැලැක්වීම සදහා සංචරණ සීමා පැනවීම නිසා ඒ වාහන සංඛ්‍යාව සියයකට 5% දක්වා සීමා වෙලා….

සංචරණ සීමා පවතිද්දීත් වාහන විශාල ප්‍රමාණයක් කොළඹට එනවා…
ඔබට එහෙම ප්‍රශ්නාර්ථයක් හිතට නැගුනත්….
මේ එන්නේ
මේ රටේ ආර්ථිකය , සෞඛ්‍ය , පරිපාලනය මෙන්ම ආරක්ෂාව සදහා අත්‍යාවශ්‍යම වූ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින්ගේ වාහනයි….
අද පොදු ප්‍රවාහනය ඇණහිටලා …එමනිසා
සියළු දෙනා ආරක්ෂිතව ගමන් කිරීමේ පුද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් තෝරාගෙන …
ඒ නිසා ….. සංචරණ සීමා තිබුනත් දවසකට කොළඹට පැමිනෙන වාහන ගනන ටිකක් වැඩි බවයි අපට පෙනෙන්නේ…
නමුත් ඉතාමත් සුලු කොටසක් , මෙම අසීරු අවස්ථාවේදීත් සිය වගකීම් පැහැර හරින්න උත්සහ ගන්න බව අපට හැගී ගොස් තිබෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය 07 වන සදුදා සිට “අත්‍යවශ්‍ය සේවා අවසර පත්‍ර ක්‍රියාන්විතය”
ආරම්භ කරනවා. එහිදී කොළඹට ඇතුල්වන වාහන සදහා සුවිශේෂී ස්ටිකරයක් ඒ ඒ සේවා සදහා විශේෂිත වූ වර්ණ එකොළහකින් හදුන්වා දෙනවා.
හෙට උදෑසන කොළඹට ඇතුළුවන අත්‍යවශ්‍ය සේවා වලට අයත් වාහන සදහා මෙසේ ඇලවෙන ස්ටිකරය අවභාවිතා නොකර මෙම ව්‍යයසනය පාලනය කර ගැනීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඔබෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා.

කෝව්ඩ් වලින් තොර සමුර්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ සාමුහීක ප්‍රයත්නයට ඔබත් එක් වන්න…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + one =