සංගා අද්විතීයයි. ඔහුගෙන් පසු සභාපති ධූරයට ක්‍රීඩිකාවක නම් කරයි.

0
1138
- Advertisement -

සංගා අද්විතීයයි.
ඔහුගෙන් පසු සභාපති ධූරයට ක්‍රීඩිකාවක නම් කරයි.

කුමාර් සංගක්කාර විසින්, ඔහුගෙන් පසු, එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට, එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන, ක්ලේයර් කොනෝ Clare Connor නම් කර තිබේ.

දැනට එම්සීසී සභාපති ධුරය හොබවන්නේ කුමාර් සංගක්කාර විසිනි. ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021 ඔක්තෝබර් මාසයේ දී ය.

වසර 233 ක කීර්තිමත් ඉතිහාසය තුළ, එම්සීසී ක්‍රීඩා සමාජයේ කාන්තාවක් එහි සභාපති දූරය සදහා කාන්තාවක පත්වන්නේ පළමු වතාවට ය.

එම්.සී.සී සභාපති ධුරය සදහා කුමාර් සංගක්කාරගේ පත්වීම ද විප්ලවීය එකකි. ඔවුන්ගේ ඉතිහාසය තුළ, බි්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන අයෙක්, එම සංගමයේ සභාපති ධූරය සදහා පත් කර ගෙන තිබුණේ පළමු වතාවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =