ෂාෆීට එරෙහිව නඩු දාන්න තරං සාක්ෂි නෑ..!

0
940
- Advertisement -

සිංහල මවුවරු 4000 කට ආසන්න පිරිසක් කුමන්ත‍්‍රණකාරී ලෙස වඳ භාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය ෂාෆී ෂිල්හාබ්දීන් ජූනි මාසයේ 27 වැනිදා අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහෙත් වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යෑමට හෝ, ඔහුට විරුද්ධව නඩු පැවරීමට හෝ තරම් ප‍්‍රමාණවත් කිසිදු සාක්ෂියක් මේ වන තුරුත් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු පැවසූ බව ජේ.ඞී.එස් වෙබ් අඩවිය වාර්තා කරයි. වෛද්‍යවරයා වඳ සැත්කම් කළා යැයි තමන් කිසිසේත්ම නොහිතන බවත්, එවැනි යමක් කාටත් හොරෙන් කිරීමේ හැකියාවක් වෛද්‍යවරායට නැති බවත්, ෂාෆී වෛද්‍යවරයා සමඟ සිසේරියන් සැත්කම් සඳහා සහභාගී වී ඇති හෙදියන් 69 දෙනෙකු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =