“ෂරියාවට” අත තියන්න අපි ඉඩ දෙන්නේ නෑ-අසාද් සාලි

0
823
- Advertisement -
Share

“ෂරියා“ ඇත්තේ මුස්ලිම් ජනතාවට මිසක් ආණ්ඩුවට හෝ එහි ඇමතිවරුන්ට නොවන බවත් එයට අත තැබීමට කිසි විටෙකත් ඉඩක් නොමැති බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවක එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, වෛද්‍ය ෂාෆිට විරුද්ධව, නගර සභා සේවකයින් ගෙනැවිත් උද්ඝෝෂණයක් පැවැත් වු බවත්, පැලෝපීය නාල පිළිබඳ විද්වතෙක් බවට රතන හිමියන් පත්ව ඇතැයි ද පැවසීය.

පැලෝපීය නාලය කොහොමද මිරිකුවේ කියලා හාමුදුරුවෝ දන්නා බව ද පවසා සිටින අසාද් සාලි මහතා, PHD ය විමල් වීරවංශ මහතා විසින් ගෙන ඇති බව ද සඳහන් කළේය.

එහි මහා පණ්ඩිතයා වන්නේ උදය ගම්මන්පිල මහතා බවද පැවසු ඒ මහතා, වෛද්‍යවරයා එල්ලා මැරිය යුතු බව පවසන බව ද කියා සිටියේය.

සිදුකල යුත්තේ කුමක් ද යන්න උසාවියකින් තීරණය කිරීමට පෙර, සියලු දෙනා මෙය තීන්දු කර අවසන් බව ද පැවසු අසාද් සාලි මහතා, මෙයින් අධිකරණයට නඩු කටයුත්තක් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසීය.

වත්මන් ආණ්ඩුව අහිංසක මිනිසුන්ව මාස 3ක් පුරා තබා ගෙන සිටින බවත් ඔවුන්ව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසු අසාද් සාලි මහතා, ඔවුන්ව නිදහස් කරන්න බැරි අයට හෙණ ගසන බව ද කියා සිටියේය.

රතන හිමියන්ව අත්අඩංගුවට ගන්න බැරි ඇයි යනුවෙන් ප්‍රශ්න කර සිටි අසාද් සාලි මහතා, ඉතිහාසය පුරා ආණ්ඩුවලට රතන හිමියන් වැරදි කළ බව ද පැවසීය.

ශරියා නීතිය ගැන වරදවා වටහා ගත යුතු නොවන බවත් පැවසු ඒ මහතා, එය කිසිවෙකුට බලපෑමක් සිදු කරන දෙයක් නොවන බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − eleven =