ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය බිහි වේ. ලකුණ පොහොට්ටුවම යි. නායකයා මහින්ද – සභාපති මෛතී‍්‍ර

0
787
- Advertisement -

ඉදිරි මහමැතිවරණයට තරග වැදීම සදහා ශී‍්‍ර ලංකා පොදු ජන පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය ලියාපදිංචිි කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ. නව සන්ධානයේ නම ශ‍්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයයි.

සන්ධානයේ නායකයා වන්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය.
සභාපති ධුරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබේ.
සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ ය.
ජාතික සංවිධායකවරු ලෙස අමාත්‍ය විමල් වීරවංශ සහ දයාසිරි ජයසේකර යන අය පත් කරගෙන සිටිති.

නියෝජ්‍ය ලේකම් වන්නේ – මහින්ද අමරවීර යි.
නියෝජ්‍ය සභාපති දිනේශ් ගුණවර්ධන වේ.
උපලේකම් ලෙස උදය ගම්මන්පිලත්
උප සභාපතිවරුන් ලෙස තිස්ස විතාරණ – ඩිව් ගුණසේකර සහ වාසුදේව නානායක්කාර යන අය පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − seven =