ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරක්ෂාවට 8500 ක කොමාන්ඩෝ හමුදාවක්.

0
794
- Advertisement -

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරඟ සංචාරයේ දී, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සෙබළුන් 8500 ක කොමාන්ඩෝ බට හමුදාවක ආරක්්ෂාව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බව පාකිස්තාන රජය දැනුම් දී තිබේ.

ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට ක‍්‍රීඩාංගනය දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රවාහනය කිරීමට වෙඩි නොවදින බස් රථ ලබා දීමටත්, ක‍්‍රීඩකයන් නැවතී සිටින හෝටලයට සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමටත් පාකිස්තාන බලධාරීන් පොරොන්දු වී තිබේ.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර, තරඟ තුනකින් සමන්විත එක් දින තරඟමාලාව සැප්තැම්බර් 27 වන දා කරච්චි ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.
ඔවුන් සහභාගී වන විස්සයි විස්ස තරඟය ඔක්තෝබර් 09 වන දා ලාහෝර් ක‍්‍රීඩාංගනයේ දී පැවැත් වේ.

2009 වසරේ මාර්තු මාසයේ 03 වන දා, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ලාහෝරයේ ගඩාෆි ක‍්‍රීඩාංගනය බලා පැමිණෙමින් සිටියදී, ඔවුන් ගමන් ගත් බස් රථයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. මෙම ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් 06 දෙනෙකු තුවාල ලැබූ අතර, පාකිස්තාන පොලිස් නිළධාරීන් 06 දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මහේල් ජයවර්ධන සහ සුරංග ලක්මාල් යන ක‍්‍රීඩකයෝ ප‍්‍රහාරයෙන් තුවාල ලබූ ක‍්‍රීඩකයන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 3 =