ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිදි..!
කටුනායක නිදහස් වෙළද කලාපයේ දස දහසක් හිරවෙලා.
කටුනායක නිදහස් වෙළද කලාපයේ දස දහසකට ආසන්න සේවක පිරිසක්, ආහාරපාන ඇතුළුව සෞඛ්‍ය පහසුකම් නොමැතිව හිරවී සිටින බව නිදහස් වෙලද කලාප හා පොදු සේවා සේවක සංගමය පවසයි.
මෙම පිරිස් වෙත, රජයෙන් ලබා දෙන සහනාධාර ද නිසියාකාරව නොලැබෙන බවද වාර්තා වේ. ඒ පිිළිබදව ඊයේ දිනයේ දී, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රනී, ආචාර්ය හරිණී අමරසූරිය ද කරුණු පැහැදිලි කළා ය.
වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින මෙම සේවක පිරිස පිළිබදව, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය කිසිදු තැකීමක් නොකරන බවට නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සංගමය චෝදනා කරයි.
මෙම සේවකයන් රැදී සිටින සේවා ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමේ වැඩසටහනක් හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දියත් කර නැති බවට අදාල වෘත්තීය සංගමය චෝදනා කරයි.
රජයෙන් ලබාදෙන පන් දහසේ දීමනාව මේ පිරිස් වෙත ද ලබා දෙන ලෙස ඉල්ලා ඇතත්, රජය පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද වාර්තා වේ.