ශ‍්‍රීලනිපය කැඩී යයි.

0
1142
- Advertisement -

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හංසයා ලකුණින් තරග වදින සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරගවදින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව මෙතෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිළ වශයෙන් ප‍්‍රකාශ කර නොතිබුණද, අද හෝ හෙට, එකී තීරණය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නියමිතය.

අදාල ප‍්‍රකාශය මෙතෙක් ප‍්‍රමාදව පවතින්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්,ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති බැවිනි.