ශිල්පසේනා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය

0
1009
- Advertisement -
Share

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ආමාත්‍ය ගරු සුජීව සේනසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව සංවිධානය වන ශිල්පසේනා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය, ජූලි මස 18 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත් වේ. 
මෙම ප‍්‍රදර්ශනයේ ඇති සුවිශේෂතාවය නම්, නව නිපැයුම්කරුවන් ලෝකයට හදුන්වා දෙමින් ඔවුන්ට තම නව නිෂ්පාදන ප‍්‍රචලිත කර ගන්නට අවශ්‍ය ආයෝජකයන්, මඟ පෙන්වන්නන් හා දිරිගන්වන්නන් හදුන්වා දීම යි. මේ සඳහා නව තාක්ෂණ කලාප 12 ක් යටතේ නව නිෂ්පාදන හදුන්වා දීමට නියමිතය.
ලංකාවේ දසත විහිදුණ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන ලෝකයට හදුන්වා දෙන්නට මෙය කදිම අවස්ථාවකි. තමන්ගේ නව නිෂ්පාදන වැඩි දියුණු කර ගන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා අධෛර්යයට පත්වන නව නිපැයුම්කරුවන්ට දැවැන්ත ආරක්ෂාවක් සහ ශක්තියක් වනු වස්, මෙහි දී ව්‍යවසායකත්ව වේදිකාවක් ස්ථාපිත කෙරේ. නව නිෂ්පාදන කෙරේ අවධානයෙන් සිටින ආයතන, මූල්‍ය සමාගම් ආදිය මේ සඳහා සහභාගී වන්නේ නව නිපැයුම් කරුවන් බලගන්වන අටියෙනි. එහි දී තම නිර්මාණ සඳහා ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව නව නිපැයුම් කරුවන්ට ලැබේ.

මෙම ප‍්‍රදර්ශනයේ දී, හරිත තාක්ෂණය, නැනෝ තාක්ෂණය, 5ඨ තාක්ෂණය ආදී නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද පුළුල් ආකාරයට ලාංකීය ජන සමාජයට හදුන්වා දීම ද සිදු වේ. මෙමගින් සාමාන්‍ය ජන සමාජයට ලෝකයේ ඇති නව තාක්ෂණික ප‍්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

එසේම ප‍්‍රදර්ශනයට සමගාමීව, රැුකියා අපේක්ෂාවෙන් පසුවෙන තරුණ තරුණියන් ඉලක්කර ගත් රැුකියා පොලක්ද කි‍්‍රයාත්මකය.

සාම්ප‍්‍රදායික නිපැයුම් සීමා අතික‍්‍රමණය කරමින් පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයට මොරටුව විශ්ව විද්‍යාලය ද ඇතුළුව ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක්ම වාගේ සහභාගීවීමට නියමිතය. ඔවුන් නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනු ඇත. ලෝකයේ නව තාක්ෂණික සොයාගැනීම්, ඒවා සමාජගත කෙරෙන ආකාරය හා ව්‍යාපෘතියක් මෙන්ම ව්‍යාපාරයක් ලෙස නව නිපැයුම්කරුවව්ට තමන්ගේ නිපැයුම් ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබද මෙහෙදී අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාගත හැකිය.

එසේම ති‍්‍රවිද හමුදා බදවා ගැනීම්, ජාතික හැදුනුම්පත්, උප්පැන්න හා විදේශ ගමන් බලපත‍්‍ර නිකුතුව ආදී සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සේවා වෙනුවෙන් ජංගම සේවාවන්ද ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙ යි.

නව ලෝකයක නව නිපැයුම් හා තාක්ෂනික මෙවලම් දැකිය හැකි ලංකාවේ සුවිශාලම ප‍්‍රදර්ශනාත්මක අත්දැකීම වන ශිල්ප සේනා ප‍්‍රදර්ශනය නව නිපැයුම්කරුවන් පමණක් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන්නක් නොවේ. එය අලූත් ලෝකයක් දකින්නට කැමති වැඩිහිටියන්, බුද්ධිමතුන්, පාසල් හා කාර්මික විද්‍යාල සිසු දරු දැරියන් ඇතුළුව සියල්ලන් වෙනුවෙන් සංවිධානය වූවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + twenty =