ශිරාල්ටත් මන්ත‍්‍රී ධූරයක්..?

0
845
- Advertisement -

සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූරය සදහා ශාන්ත බණ්ඩාරගේ නම, මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.

මීට පෙර අදාල පුරප්පාඩුව සදහා ඞී.බී හේරත්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබුණද, ඞී.බී හේරත් මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා තිබෙන බැවින් ඔහුට අදාල ආසනය හිමි නොවන බව දැනුම් දී තිබේ.

සාලින්ද දිසානායක මහතාගේ මන්ත‍්‍රීධූරය පුරප්පාඩු වූ වහාම, අදාල මන්තී‍්‍රධූරය ලබා ගැනීමේ අරමුණ ඇතිව ශාන්ත බනණ්ඩාර මන්ත‍්‍රීවරයා ඔහුට ලබා දී තිබුණු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් විය.

දැන් නැවත ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයක් පුරප්පාඩු වී පවතින අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඔහුට පක්ෂපාත තවත් අයෙකුට මන්ත‍්‍රීධූරයක් ලබා දීමේ අවස්ථාව උදා වී තිබේ.

මීට පෙර වාර්තා වී තිබුණේ ශිරාල් ලක්තිලක මහතාට අදාල මන්ත‍්‍රී ධූරය ලබා දෙනු ඇති බවයි.