ශානීගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

0
586
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි තමන්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලිකව සහායයක වශයෙන් පත් කිරීමෙන්, තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව සදහන් කරමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

තමන් නැවත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලෙස ද මෙම පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටියි

වැඩබලන පොලිස්පති, ජාතික පොලිස්කොමිසම, නීතිපති ඇතුළු 17 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − twelve =