ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඞ්. නිශාන්ත සිල්වා ඇල්ලීමට වරෙන්තු…!

0
119
- Advertisement -
Share

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඞ්.
නිශාන්ත සිල්වා ඇල්ලීමට වරෙන්තු…!

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි, වාස් ගුණවර්ධනට එරෙහිව නඩුවක දී, බොරු සාක්ෂි නිර්මාණය කරන ලද පවසමින්, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ගොනු කරන ලද නඩුවට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා සැප්තැම්බර් මාසයේ 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ දී නියෝග කළේ ය.

මෙම සිද්ධියට අදාලව, ශානි අබේසේකර මහතාට අමතරව අත් අඩංගුවට ගෙන සිටින, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂක වරයාද සැප්තැම්බර් 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉහත කී උපපොලිස් පරීක්ෂකවරයා, මීට පෙර ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබුණි.

එම ප්‍රකාශයෙන් කියැවුණේ, වාස් ගුණවර්ධනගේ නඩුවට අදාල ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සිදුවීමට ශානි අබේසේකර මහතා සම්බන්ධ බව ප්‍රකාශ කරන්නේ නම්, තමන්ව මෙම නඩුවෙන් නිදහස් කරන බවට, කොාළඹ අපරාධ කොට්ඨාශය ඔහුට පැවසූ බවයි.

වාස්ගුණවර්ධනට අදාස පරීක්ෂණ 2013 වසරේ සිට සිදුව තිබුණි. ඒ සම්බන්ධයෙන් වූ සියළු ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව භාරයේ පවතී. එසේ තිබියදී, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය කැදවන මෙම නඩුවට ඉදිරිපත් නොවී, නීතිපති දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවද, ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

වාස් ගුණවර්ධනගේ සිදුවීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ, පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා යන අයද සම්බන්ධ බව පවසා සිටින කොළඹ අපරාධ කොට්ඨාශය, නිශාන්ත සිල්වා මහතා අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ විගසම වාගේ, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ලංකාව අත් හැර ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා පිටව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =