“ශානි අබේසේකර ගැන බොරු කීම ප්‍රතික්ෂේප කිරීම මාව අත් අඩංගුවට ගැනීමේ හේතුවයි.” උප පොලිස් පරීක්ෂකරවයා පවසයි.

0
3815
- Advertisement -
Share

“ශානි අබේසේකර ගැන බොරු කීම ප්‍රතික්ෂේප කිරීම
මාව අත් අඩංගුවට ගැනීමේ හේතුවයි.”
උප පොලිස් පරීක්ෂකරවයා පවසයි.

වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සදහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලද බව පවසමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, ශානි අබේසේකර මහතා, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පසුගිය 31වන දා අත් අඩංගුවට ගනු ලැබී ය.

ශානි අබේසේකර මහතා සමග එම ක්‍රියාවට හවුල් වූ බව පවසමින්, උප පොලිස් පරීක්ෂකවරයෙකු වන මොහාන් මෙන්ඩිස් මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පසුගිය දා අත් අඩංගුවට ගත් අතර, එසේ අත් අඩංගුවට පත් වූ උපපොලිස් පරීක්ෂකවරයා, ගම්පහ මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන ලදී.

ශානි අබේසේකර මහතාට එරෙහිව තමන්ගෙන් අසත්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය උත්සාහ කළ බවත්, තමන් ඊට අවනත නොවූ නිසා, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් තමන් අත් අඩංගුවට ගත් බවත් ඔහු විසින් පවසා තිබේ.

ශානි අබේසේකර මහතා සහ උපපොලිස් පරීක්ෂක මොහාන් මෙන්ඩිස් යන අය අගෝස්තු මාසයේ 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඬේලි එෆ්.ටී පුවත්පතේ වාර්තාවක් ඇසුරෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 2 =