ශානි අබේසේකරට – නිශාන්ත සිල්වාට මාරු වීම්.

0
596
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර, සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ සහ විශේෂ ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඞී.එස්. තිසේරා, සමූහ මංකොල්ල විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් තිදෙනාට මාරුවීම් නිර්දේශ කොට ඇති බව, සති අග අනිද්දා පුවත්පත වාර්තා කරයි.

මෙම පොලිස් නිළධාරීන් තිදෙනා මාරු කරන විට, ඔවුන් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමේ සිදුවීමට අදාල පරීක්ෂණ ද, කප්පම් ලබා ගැනීම සදහා පැහැර ගත් තරුණයන් 11 දෙනාගේ සිදුවීමට අදාල පරීක්ෂන ද, ලසන්ත වික‍්‍රමතුංග, වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ද සාර්ථකව ඉදිරියට මෙහෙයවමින් සිටියේ ය.

දින පනස් එකේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පැවති අවස්ථාවේ, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව කොට්ඨාශය වෙත මාරු කළ අතර, එම අවස්ථාවේ පොලිස් කොමිසම මැදිහත් වී එම මාරුවීම අත්හිටුවනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =