ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලංගමට තහනම් නියෝගයක්

0
538
- Advertisement -
Share

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක් අද නිකුත් කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක වෘත්තීය සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් පෙන්වා දී තිබුණේ ලංකා ගමන මණ්ඩලයේ සේවකයින්ට නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

අදාළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තහනම් නියෝගය ලබා දුන්නේ ලබන මස 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =