“ශ්‍රී ලාංකිකයන් යනු විජය රජුගෙ කාලයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක්” – යුධ හමුදාපති

0
706
- Advertisement -

සෝදිසි කිරිම් වලදි හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්දයෙන් අනවශ්‍ය බියක් ඇති නොගැන්නයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

සෝදිසි කිරිම් වලදි හමුවන කඩු පෞරාණික හා මලකඩ කෑ ඒවා බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලාංකිකයන් යනු විජය රජුගෙ කාලයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බව ඔහු එහිදි පැවසුවා.

ඉන් අනතුරු සෝදිසි මෙහෙයුම් වලදි සොයාගැණුනු ගිනි අවි සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා සොයාගෙන ඇත්තෙ ටී 56 වර්ගයේ ගිනි අවි එකක් පමණක් බවයි.

යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ නෙත් නිව්ස් සමග කළ විශේෂ සංවාදයකදී යි.