ශ්‍රී ලංකා, පාකිස්තානු එක්දින තරඟාවලියේ පළමු තරඟය අද

0
254
- Advertisement -
Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.30ට දිවා රාත්‍රී තරඟයක් ලෙස කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.

අද තරඟය සඳහා ශ්‍රී ලංකාවේ නායකත්වය දරන්නේ ලහිරු තිරිමාන්නයි.එමෙන්ම කලකට පසුව ජේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති නවක කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ආරක්ෂක තත්වය මුල් කරගනිමින් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස නව කණ්ඩායමක් පකිස්ථානයට යවන්නටයි ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 4 =