ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩ

0
554
- Advertisement -
Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබෙනවා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී එම කණ්ඩායම් දෙක අතර පැවති තරඟයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

පන්දුවාර 50ට අදාළ අවසන් පන්දුවාර 2ක යැවීමට මෙලෙස කණ්ඩායම් ද්විත්වය අපොහොසත් වී තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායම් දෙකේ නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ජේසන් හෝල්ඩර්ට තරඟ ගාස්තුවෙන් 40% බැගින් දඩ නියම කර ඇති බව සඳහන්.

ඊට අමතරව සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාටම තරඟ ගාස්තුවෙන් 20% බැගින් දඩ පනවා තිබෙනවා.

එමෙන්ම දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12ක කාලය තුළදී මෙම වරද යළි සිදු කළහොත් එම නායකයා සඳහා තරඟ තහනමක් ද පනවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =